ප්‍රමුඛ පුවත 1

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කෙරේ

(UTV| කොළඹ) – ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.

ඒ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු සභාපතිවරයා ද වන හේමසිරි ප්‍රනාන්දු මහතා පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රවීනයකි.හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ලේකම්වරයා හා තැපැල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිඛෙන හේමසිරි ප්‍රනාන්දු මහතා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සභාපතිවරයා වශයෙන් ද, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කර තිබේ. ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top