ප්‍රමුඛ පුවත 1

අතුරුදන්වූ දැරියක් සොයා මෙහෙයුම්

(UTV| කොළඹ) – වයස අවුරුදු හතර හමාරක දැරියක් දින කිහිපයක සිට අතුරුදන්ව ඇති පුවතක් වාර්තාවේ.

පුත්තලම සාලියවැව නීගලම ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක මෙලෙස අතුරුදන්ව ඇත.

නමුත් මේවන තෙක් දැරිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.

පසුගිය 30වනදා උදෑසන තම මව සමඟ සිට ඇති මෙම දැරිය ඉන් පසුව ආගියඅතක් නොමැති බව ඇගේ ඥාතීන්  පවසයි.

එම නිවස අසල කලා ඔයත් පිහිටා තිබේ.

සාලියවැව පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂණ පොලිස් නිල සුනඛයින්ද යොදා දැරිය සෙවීමේ කටයුතු සිදු කලද ඊයේ දිනවන විටත් දැරිය පිළිබද කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.

දැරිය ඝාතනය කර ඇද්ද යන්න සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ සිදුකරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top