ප්‍රමුඛ පුවත 1

හිටපු අගවිනිසුරුවරියගේ සැමියාට වසර 05ක අත්හිටවූ සිර දඬුවම්

(UTV| කොළඹ) – හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන ප්‍රදීප් කාරියවසම් මහතාට එරෙහි චෝදනා 04 කට අදාලව ඔහුට අවුරුදු 05 ක සිරදඩුවම් නියම කළ අධිකරණය එය වසර 05 කට අත්හිටුවා අදාල චෝදනා හතර සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 03 ක දඩයක් නියම කළේය.

කාරියවසම් මහතා ජාතික ඉතිරි කිරීමේ බැංකවේ හිටපු සභාපතිවරයෙකු ද වෙයි.

අදාල දඩ මුදල නොගෙවන්නේ නම් වසර දෙකක සිර දඬුවමක්ද පැනවීමටද නියම කළේය.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මුදල් යොදවා නෙවටිනා අගයකට ද ෆිනෑන්ස් ආයතනයේ කොටස් 7,863,362ක් මිලදී ගැනීම ඇතුළු චෝදනා හතරකට අදාළව විභාග වූ නඩුවක තීන්දුව ප්‍රකාශ කරමින් ඉහත දඬුවම් පනවන ලද්දේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top