ප්‍රමුඛ පුවත 1

සුළංගේ වේගය වැඩි වෙයි

(UTV| කොළඹ) – දිවයින වටා මුහුදු ප්‍රදේශවල අද (01) සුළං වේගය ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බවත් ඒ හේතුවෙන් මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඊසාන දෙසින් හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30 – 40 ත් අතර වන අතර මන්නාරම සිට පුත්තලම කොළඹ හරහා කළුතර දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 – 60 ත් දක්වා ඉහළ යා හැකියි බවත් එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ධීවර කටයුතුවල නිරතවන ජනතාව විමසිල්ලෙන් තමන්ගේ කටයුතු කරන ලෙසටත් එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top