ප්‍රමුඛ පුවත 1

සාමාන්‍ය පෙළ සියලු උපකාරක පන්ති හා දේශන හෙටින් අවසන්

(UTV| කොළඹ) – මේ වසරේ අධ්‍යාපන පොදු සහිතක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව හෙට (27) මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන දෙසැම්බර් මස 12 වනදා දක්වා සම්පූර්ණ කාලය තුළ සියලු උපකාරක පන්ති හා දේශන තහනම් කළ බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අනුව සියලු විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම, එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, එම විභාග සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දේ ළඟ තබා ගැනීම සපුරා තහනම් වනු ඇත.

මෙවැනි විභාග නීති කඩ කිරීමක් සිදු කලහොත් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 හෝ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාලාවට දැනුම් දෙන ලෙස ද විභාග දෙපාර්තිමේන්තුව ඉල්ලා සිටී.

පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව –

0112 78 42 08, 0112 78 45 37, 0113 18 83 50 හෝ 0113 14 03 14

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top