ප්‍රමුඛ පුවත 1

ශ‍්‍රී ලංකාව සහ කලාපයේ රටවල් අතර අන්තර්ජාතික සබඳතා වඩා ශක්තිමත් වීමට ථේරවාදි බෞද්ධ දර්ශනය මනා පිටුවහලක්- ජනපති

(UTV|මහනුවර) – ථේරවාදී බෞද්ධ දර්ශනය රැක ගනිමින් එහි වටිනාකම් ලෝකයට ගෙන යාමට කලාපයේ සියලු රටවල් සමග එක්ව කැපවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ තායිලන්ත රජයේ ධම්මචක්ක රාජකීය සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල නායක ස්වාමින් වහන්සේ පිළිගැනීම වෙනුවෙන්  ඊයේ (15) පස්වරුවේ මහනුවර අස්ගිරිය ශ‍්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ පැවති උත්සවය අමතමිනි.

පූජ්‍ය ගොඩගම මංගල හිමිපාණන් වහන්සේ මෙරට සිදුකරනු ලබන ජාතික, ආගමික හා ශාසනික සේවාව හා ජාත්‍යන්තර වශයෙන් ථේරවාදි බුදු දහම ව්‍යාප්ත කිරීම සඳහා ඉටු කරන සේවාව අගයමින් තායිලන්ත රජය මගින් උන්වහන්සේ වෙත මෙම රාජකීය සම්මානය පිරිනමා තිබේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ගොඩගම මංගල ස්වාමින් වහන්සේ වෙත ලැබුණු මෙම සම්මානය උන්වහන්සේ ලද ගෞරවයක් සේම රටට ද ලැබුණු විශාල ගෞරවයක් බවයි.

ධර්මධර, විනයධර උගත් ස්වාමින් වහන්සේ නමක් ලෙස පූජ්‍ය ගොඩගම මංගල හිමිපාණන් වහන්සේ ඉටුකරන ශාසනික සහ ආගමික මෙහෙවර මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගැයීමට ලක් විය.

පූජ්‍ය ගොඩගම මංගල නායක ස්වාමින් වහන්සේ වෙත තායිලන්ත රජයෙන් ලැබුණු මෙම රාජකීය සම්මානය උන්වහන්සේ වෙත පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඥානරත්න නායක ස්වාමින් වහන්සේ, මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින් වහන්සේ, මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය වෙඩරුවේ උපාලි අනුනායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි අනුනායක ස්වාමින් වහන්සේ,අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය ආචාර්ය මැදගම ශ‍්‍රී ධම්මානන්ද නායක ස්වාමින් වහන්සේ, ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්.බී. දිසානායක යන මහත්වරුන් ද ශ‍්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චුලාමනී චාර්ක්සුවාන් මැතිනිය ඇතුළු දෙස් විදෙස් ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top