ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවේ කාල සීමාව දීර්ඝ කිරීමට සූදානම්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වී ඇති යෝජනාවේ කාලසීමාව වසර දෙකිකන් දීර්ඝ කර ගැනීමට රජය සුදානම්වේ.

විදෙස් කටයුතු අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

ඉන් දෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයේදී අදාල කාලසීමාව දීර්ඝ කර ගැනිමට බලාපොරොත්තු වන බවයි.

2015 වර්ෂයේ ඔක්තෝබර් මස 01 වන දින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වූ යෝජනාව 2017 පෙබරවාරි, මාර්තු මාසවලදී පැවැත් වූ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසිවාරයේදී කාලසීමාව වසර දෙකකින් දීර්ඝ කර ගනු ලැබීය.

ඒ අනුව අදාල යෝජනාව ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් මෙවර මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයේදී මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහකොමාසාරිස්වරියගේ කාර්යාලය විසින් ගනු ලබන සියලු ක්‍රියාමාර්ග පදනම් වනුයේ ලබන 20 වන දින මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත අදාල වාර්තාව මත බව රජය පෙන්වා දෙයි.

එම නිසා සම අනුග්‍රාහිත කල් ඉල්ලීමේ යෝජනා සම්මතයක් මඟින් තවත් වසර දෙකක් කල් ඉල්ලා සිටීමට බලාපොරොත්තුවන බව රජය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top