ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව ගැන අවධානයෙන් – ඇමෙරිකාව

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් තමන් අවධානයෙන් පසුවන බව ඇමෙරිකාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකාව විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පුවත සම්බන්ධයෙන් තමන්ගේ අවධානය යොමුවී ඇති බවත් එය පවතින දේශපාලන අර්බුධය ගැඹුරු කිරීමක් බව පෙන්වා දෙයි.

අපගේ හවුලකාර රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ක්‍රියාවලියන්ට ගරු කරමින් එහි ස්ථාවරය හා සමෘද්ධිය වෙනුවෙන් කටයුතු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියාවේ කටයුතු සම්බන්ධයෙන් වන කාර්යාංශය සිය නිල ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ අතර කැනඩාවද මෙරට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළකර සිටින බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

The US is deeply concerned by news the Sri Lanka Parliament will be dissolved, further deepening the political crisis. As a committed partner of #SriLanka, we believe democratic institutions and processes need to be respected to ensure stability and prosperity.

— State_SCA (@State_SCA) 9 November 2018

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top