ප්‍රමුඛ පුවත 1

වාහන ආනයනයට සීමා පැනවෙයි

(UTV| කොළඹ) – ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි ඇතිවන පීඩනය පාලනය කරගැනීම සඳහා ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වාහන ආනයන සම්බන්ධයෙන් සීමා පැනවීමට පිරවර ගැනේ.

ඊට අදාළ තවත් ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කිරීමටත් රජය තීරණය කළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව..

■    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් නිකුත් කිරීම වසරක කාලයක් සඳහා අත්හිටුවනු ලැබේ.

■    රජයේ අමාත්‍යවරුන්, දෙපාර්තමේන්තුවලට, සංස්ථාපිත මණ්ඩලය වලට මෙන්ම රාජ්‍ය ව්‍යවසායක වෙනුවෙන් වාහන ආනයනය කිරීම නැවත දන්වන තුරු අත්හිටුවනු ලැබේ.

■    සහනදායී පදනමක් මත වාහන ආනයනය කිරීමට රාජ්‍ය සේවයකයන් සඳහා නිකුත් කරන ලද බලපත් මාස 6 ක කාලයක් සඳහා අත්හිටුවනු ලැබේ. මෙම කාලය තුළදී සහනදායී පදනම මත නිකුත් කරන බලපත් වෙනුවෙන් ණයවර ලිපි විවෘත කරනු නොලැබේ.

■    දෙමුහුන් (හයිබ්‍රිඩ්) වාහන සඳහා වාහනයේ වටිනාකම අනුව ණය අනුපාතය 70 : 30 සිට 50 : 50 දක්වා සංශෝධනය කෙරේ.

■    බස්රථ, ලොරි සහ ගිලන් රථ වෙනුවෙන් ණයවර ලිපි විවෘත කරන අවස්ථාවේදී 200්‍ර ක මූල්‍ය සීමාවක් පනවා තිබේ.

■    ශීතකරණ, වායු සමීකරණ, රූපවාහිනී යන්ත්‍ර, සුවඳ විලවුන්, ජංගම සහ ස්ථාවර දුරකතන, රෙදි සෝදන යන්ත්‍ර, පාවහන් සහ වාහන ටයර් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී 100% ක මූල්‍ය සීමාවක් පනවා තිබේ.

මෙම නියමයන් ඊයේ  (29) සිට ක්‍රියාත්මක වන නමුත් විනිමය අනුපාත සම්බන්ධයෙන් රජය දැඩි විමසිල්ලෙන් සිටින අතරම ඉතා ඉක්මනින් අවශ්‍ය පියවර ගනු ලබනු ඇති බව එම නිවේදනයෙන් රජය අවධාරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top