ප්‍රමුඛ පුවත 1

බන්ධනගාර රැඳවියෙකු ජනාධිපතිගෙන් කළ ඉල්ලීම ඉටු වෙයි

(UTV| කොළඹ) – බන්ධනාගාරයේ සිට සමාජ විද්‍යා පශ්චාත් උපාධිය අවසන් කළ ලක්මිණ ඉන්දික බමුණුසිංහ මහතා මේ වන විට කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින අතර 2005 වසරේ ශ්‍රී ලංකා බොක්සින් ශූරයෙකු වූ ඔහු මේ වසරේ ජාතික බොක්සින් ශූරතාවයට ද ඉදිරිපත්වීමට ද  අපේක්ෂාවෙන් සිටි.

වෙසෙක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762කට ජනපති පොදු සමාව ලබාදීමේ අවස්ථාවට එක්වීම වෙනුවෙන් අද බන්ධාගාර පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා හමු වූ ඒ මහතා ඉල්ලා සිටියේ තම උපාධිය සඳහා අවශ්‍ය නිබන්ධනය සම්පාදනය කිරීමට අවශ්‍ය මුදල් ලබාදෙන ලෙසත් ඉදිරි බොක්සින් ශුරතා තරඟයට ඉදිරිපත්වීමට අවස්ථාව සළසා දෙන ලෙසත්ය.

එම ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා ඔහුගේ නිබන්ධනය සම්පූර්ණකර ගැනීමට අවශ්‍ය මුදල් කඩිනමින් ලබාදෙන බව ප්‍රකාශ කළ අතර, අදාළ තරඟයට ඉදිරිපත්වීම සඳහා අවස්ථාව ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා අවශ්‍ය කටයුතු කර දෙන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය වෙත උපදෙස් දුන්නේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top