Trending News

பாராளுமன்ற தெரிவுக்குழு அமைத்து வில்பத்து புரளிகளுக்கு முடிவுகட்டுங்கள், ரிஷாத் பாராளுமன்றில் கோரிக்கை”

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප්‍රමුඛ පුවත 1

පුල්මුඩේ හා විල්පත්තු බොරු චෝදනා ගැන ඇමති රිෂාඩ් පාර්ලිමේන්තුවේදි පිළිතුරු දෙයි

(UTV| කොළඹ) – පුල්මුඩේ ඛණිජ වැනි නිධිය විදෙස් සමාගමකට විකිණීමට යන බවට කියවෙන ප්‍රකාශ ගෙන යන බොරු ප්‍රචාරයක් බවත් විල්පත්තුව කියන්නේ රටේ සම්පතක් බවත් විල්පත්තුව විනාශ කරන බවට ලොකු චෝදනාවක් හා බොරුවක් එල්ල කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා අද (22) පාර්ලිමේන්තුවේදි පැවසීය.

පුල්මුඩේ ඛණිජ වැනි නිධිය විදෙස් සමාගමකට විකිණීමට යන බවට කියවෙන මාධ්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් සහ විල්පත්තුව වනජීවී කලාපයේ පරිවාරක වනය විනාශ කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන ප්‍රකාශ සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27(2) යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

“කිසිම කැබිනට් පත්‍රිකාවක් අනුමත කර හෝ එවැනි කැබිනට් පත්‍රිකාවක් යොමු කර නෑ. වටිනා සම්පත් ලංකාව ඇතුළෙම අගය එකතු කළාම එහි ආදායම එකතු වෙනවා. අගය එකතු කිරීමට කිසිම ආයතනයක් තාම තෝරාගෙන නෑ. ටෙන්ඩර් කරල අප ලබාදෙන්නේ.පුල්මුඩේ ජනතවගේ ඉඩම් අල්ලන්නේ නෑ.වැලි ආරක්ෂා කරන්න වැටක් ගහනකොට එය කරන්න දුන්නේ නෑ.ආයතනය බාර ගත්තට පස්සේ මේ ආයතනය මම පිරිසිදුව ගෙන යනවා.දේශපාලකයෝ පත් කර නෑ. වැදගත් නිලධාරීන් පත් කර තිබෙන්නේ. අගය එකතු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ හොත් රටට විශාල ආදායමක් එනවා. විල්පත්තුව ගැන ලොකු චෝදනාවක් හා බොරුවක් එල්ල කරනවා.විල්පත්තු වන විනාශය කියලා අය පටන් ගෙන තිබෙනවා.

“ගම්මානයේ පදිංචි වී සිටින්නේ LTTEය විසින් පන්නා දැමීමෙන් පසු නැවත පදිංචි වූ අයයි. වන රක්ෂණයට ඒ කොටස ඇතුළත් නෑ.වසර 2012 දක්වා ඒ කොටස වන රක්ෂණයට ඇතුළත් වී තිබුණේ නෑ. එයින් තමයි ඉඩම් නිදහස් කළේ.ඉඩම් කච්චේරියක් මඟින් මේ දේවල් සිදු කළේ. ඉඩම් දුන්නට පස්සේ අඟලක්වත් ඉඩමක් දී නෑ. මේ සමාජ මාධ්‍ය මඟින් කරන්නේ මඩ ප්‍රචාරයක්. විල්පත්තුව කියන්නේ රටේ සම්පතක්. එය විනාශ කරලා නම් මට ඔනෑම දඬුවමක් දෙන්න.එක්ක කරන චෝදනා බොරු”

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top