ප්‍රමුඛ පුවත 1

ත්‍රස්තවාදීන් සමඟ පොඩි හෝ සම්බන්ධයක් ඇතැයි ඔප්පු වුවහොත් මරණ දඬුවම දෙන්න – හිටපු ඇමති රිෂාඩ්

(UTV| කොළඹ)  – ත්‍රස්තවාදීන් සමඟ අංශූ මාත්‍රයක හෝ සම්බන්ධයක් තිබේ යැයි ඔප්පු වුවහොත් තමාට මරණ දඬුවම ලබාදෙන්නැයි සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) පැවසීය.

තමාට විරුද්ධව චෝදනා තිබේ නම් උද්ඝෝෂණ නොකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර විමර්ශනයක් ආරම්භ කරන ලෙස විරුද්ධවාදීන්ගෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

ආණ්ඩුවේ සිටින මුස්ලිම් මැතිඇමතිවරුන් අමාත්‍යධූරවලින් ඉවත්වූයේ කිසිවෙකුට බියේ නොවන බවත්, මුස්ලිම් මන්ත්‍රිවරුන් ඇමතිධූරවල සිටීමෙන් ත්‍රස්තවාදීන් සම්බන්ධව සිදුකරන පරීක්ෂණවලට බලපෑමක් ඇති නොවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

අයිසිස් සංවිධානය බටහිර රටවල් විසින් ඇතිකළ සංවිධානයක් බවත්,එම සංවිධානය සහ ශ්‍රී ලංකාවේ ලක්ෂ 22 ක් වන මුස්ලිම් ජනතාව අතර සම්බන්ධයක් නොමැති බවත් හෙතෙම කීය.

මේ රටට අයිසිස් ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයන්ට උපරිම දඩුවම් ලබාදිය යුතු බවත්,අහිංසක මුස්ලිම් ජනතාවට දඩුවම් කිරීමෙන් වළකින්නැයි ඉල්ලා සිටින බවත් මන්ත්‍රිවරයා සඳහන් කළෙය.

ඇතැම් පුද්ගලයන්ට ලක්ෂ 22ක් වන මුස්ලිම් ජනතාව විනාශ කිරීමටත්,ලේ වැගිරීම් සිදුකරන තත්ත්වයක් ඇතිකිරීමටත් උවමනා වී තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top