ප්‍රමුඛ පුවත 1

ජනපති සහ මැලේසියා අගමැති අතර හමුවක්

UTV | COLOMBO – එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මැලේසියා අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ නිව්යෝර්ක් නුවරදීයි.

මැලේසියා අග්‍රාමාත්‍යවරයා මෙහිදි සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමන් ඉතා උනන්දුවකින් කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකාවට ආර්ථික සමෘද්ධිය උදාකර ගැනීම සඳහා ඕනෑම සහයක් ලබාදීමට සුදානම් බව ද ඔහු ප්‍රකාශකර තිබෙනවා.

මහනගර සංවර්ධන වැඩසටහන යටතේ පැල්පත්වාසීන් වෙනුවෙන් නව නිවාස ඉදිකර දීමට ගෙන යන වැඩපිළිවෙලට උපරිම සහය ලබාදෙන බවට ද මහතීර් මොහොමඩ් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවේ සහතික වී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව මැලේසියාව කෙරෙහි දක්වන සුහදශීලීත්වය ද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ ඇගයීමට ලක්වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top