ප්‍රමුඛ පුවත 1

ඕනෑම අගමැති කෙනෙකු සමඟ වැඩ කිරීමට ඉන්දියාව සුදානම්

(UTV| කොළඹ) – නව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය සමඟ කටයුතු කිරීමට ඉන්දීය රජය සූදානම් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා කවුරුන් ද යන්න පිළිබඳ තමන් අවධානයක් යොමු නොකරන බව ඉන්දීය රජයේ ප්‍රකාශකයෙකු එරට මාධ්‍යවලට සඳහන් කර ඇත.

දෙරටටම වැදගත් වන කරුණු හැර පුද්ගලයින් පිළිබඳ අවධානය යොමු කිරීමක් සිදු නොකරන බව ද ඉන්දීය රජය පෙන්වා දෙයි.ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව ශක්තිමත් සබඳතාවක් පවත්වා ගැනීම ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තියයි.

මෙතෙක් දෙරට අතර පැවති ද්විපාර්ශ්වික සබඳතා මත පදනම්ව ඉදිරියටත් එම විදෙස් ප්‍රතිපත්තිය ශක්තිමත් කර ගන්නා බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමු කරන ඉන්දීය රජය දෙරට අතර පවතින දිගුකාලීන මිතුදම කිසිවිටෙකත් පළුදු කර ගැනීමට අකමැති බව එම ප්‍රකාශකයා ද SUNDAY MORNING පුවත්පතට ප්‍රකාශ කර ඇත.

ඕනෑම රටක දේශපාලන ක්‍රියාවලිය තුළ විවිධ උච්ඡාවචනයන් සිදුවීම සාමාන්‍ය කරුණක් බව ද එහි සඳහන්වේ.

ශ්‍රී ලංකාවට නායකත්වය ලබා දෙන පාර්ශ්වය කුමක් ද යන්න වෙනුවට දෙරට අතර රාජ්‍ය මට්ටමින් සම්බන්ධතා තරකර ගැනීම තම අරමුණ බවද ඉන්දීය රජය ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය හා ස්වෛරීභාවය අඛණ්ඩව ස්ථාපිතව පවතිනු දැකීම තම අපේක්‍ෂාව බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා ද සන්ඩේ මෝනින් පුවත්පතට සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top