Trending News

අද සිට වෙළෙඳපොළට දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් – ලිට්‍රෝ සමාගම

අද (01) දිනයේ සිට වෙළෙඳපොළ වෙත ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂය ඉක්මවා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ඒ අනුව ඇනවුම් කර තිබූ ගෑස් නෞකා දිවයිනට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ වෙත ගෑස් නිකුත් කිරීම සීමා කර තිබු බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.

ඉල්ලුම් කර තිබු ගෑස් නෞකා මේ වන විට දිවයිනට ළඟාවෙමින් පවතින බවත් උත්සව සමය තුළ පාරිභෝගික ජනතාවට ගෑස් මිලදී ගැනීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසා දී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top