(උදයම්,කොළඹ) – ජාතික පොලිස් කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස පී.එච් මනතුංග මහතා පත්කර තිබේ.
ජාතික පොලිස් කොමිසමේ හිටපු සභාපති සිරී හෙට්ටිගේ මහතා සිය ධුරයෙන් පසුගිය දා ඉල්ලා අස්විය.
ඒ අනුව අදාළ කොමිෂන් සභාවේ පුරප්පාඩු වූ එම තනතුර සඳහා පී.එච් මනතුංග මහතා පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
![](https://www.utvnews.lk/wp-content/uploads/2024/06/Untitled-1.png)