ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත ජනාධිපති යෂ්ටිය සහ රෙජිමේන්තු යෂ්ටිය ප්‍රදානය කිරීම වෙනුවෙන් සංවිධානය කළ විශේෂ උත්සවයක් අද (30) පස්වරුවේ අඹේපුස්ස සිංහ රෙජිමේන්තු කඳවුරු භූමියේ දී පැවැත්විණි.
අඹේපුස්ස සිංහ රෙජිමේන්තුව වෙත පැමිණි ගරු ජනාධිපතිතුමා ආරක්ෂක ප්‍රධානීන් විසින් ඉතා අභිමානවත් අයුරින් පිළිගනු ලැබිණි.
අනතුරුව ගරු ජනාධිපතිතුමා විසින් ආචාර පෙළපාලිය නිරික්ෂණය කරනු ලැබීය.
ජාත්‍යන්තරයෙන් පවා පැසසුම් ලැබූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙබළ දෑත් වලින් නිමවු ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් පුස්තකාලය විවෘත කළ ගරු ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.
චීනදෙනිය මහා විද්‍යාලයේ 05 වසර ශිෂත්ව විභාගය සමත් සිසුන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
