ප්‍රමුඛ පුවත 1

මුහුදු ජලය පානීය ජලය බවට පත් කිරීමේ තාක්ෂණික වැඩසටහනක්

(උදයම්,කොළඹ)  – “තිරසර යුගයක තෙවසර ඇරඹුම” රජයේ සංවර්ධන වැඩපිළිවෙල හා “නිල් ආර්ථික” වැඩපිළිවෙළ යටතේ සමස්ත ධීවර ජනතාවගේ පිරිසුදු පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා මුහුදු ජලය පිරිසිදු කර බෙදාහැරීමේ වැඩපිළිවෙළක් පිළිබඳව රජයේ අවධානය යොමු වෙයි.

මේ සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කොරීයානු විශේෂ නියෝජිත කණ්ඩායමක් සමඟ සාකච්ජා කළේය.

“නිල් ආර්ථික” වැඩපිළිවෙළ යටතේ පරිසර හිතකාමී ලෙස ධීවර ප්‍රජාවගේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙසත් පිරිසිදු පානීය ජලය ලබාදීම ක්‍රියාත්මක විය යුතු බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය .

මෙම ව්‍යාපෘතිය කොරියානු ආධාර මත සිදු කරනු ලබන අතර නළ මගින් මුහුදු ජලය ලබාගෙන සියයට සියයක් සුර්ය බලය උපයෝගී කර ගනිමින් මෙම පානීය ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කොරීයානු නියෝජිතයින් එකගත්වය පළ කර තිබේ.

ඉදිරියේ ඇතිවිය හැකි දැඩි නියඟයට මුහුණ දීම සඳහා මෙම ජල ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම මුහුදු ජලය පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළ යටතේ අතුරු නිෂ්පාදනයක් ලෙස ලුණු නිපදවීමේ හැකියාවක් ඇති බවත් , රැකියා උත්පාදනය මෙන්ම සුර්ය බලයෙන් නිපදවන විදුලිය ජාතික පද්ධතියට ලබාදීමේ හැකියාව පවතින බවත් කොරීයානු නියෝජිතයින් පෙන්වා දුන්නහ.

නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම ජල ව්‍යාපෘතිය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට තීරණය කෙරිණ.

අනතුරුව යාපනය, පුත්තලම, කල්පිටිය හා දුපත්වල මෙන්ම දිපව්‍යප්ත අන්දමින් ජාතික වැඩපිළිවෙළක් ලෙස මෙම පානිය ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කර තිබේ.

කොරීයානු විශේෂ නියෝජිත DONG SOO KIM මහතා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top