දේශීය

2030 වන විට සමස්ත විදුලිය අවශ්‍යතාවෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තියෙන්

(UTV| කොළඹ) – 2030 වසර වන විට රටේ සමස්ත විදුලිය අවශ්‍යතාවෙන් 70 % ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මගින් උත්පාදනයට සැලසුම් සකස් කළ යුතු යැයි ජනාධිපතිවරයා අවධාරණය කරයි.

සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ, අනාගත පරපුරට ප්‍රතිඵල භුක්ති විඳීමට හැකි තිරසර සංවර්ධනයකට මග පාදනු පිණිස හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කළ යුතු බවය.

දේශගුණික විපර්යාසය හේතුවෙන් ගල් අඟුරු සහ ඛනිජ තෙල් වැනි ෆොසිල ඉන්ධන අතහැර ලොව සියලු රටවල් පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වෙමින් සිටින බවත් , මෙරට විදුලි ඉල්ලුමේ වාර්ෂික වැඩිවීම 6% ක් බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

අනාගත පරපුරට ප්‍රතිඵල භුක්ති විදීමට හැකි තිරසර සංවර්ධනයකට මඟ සැකසනු පිණිස හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කළ යුතු බවද ජනපතිවරයා පෙන්වාදෙයි.

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයට රජය ඉහළ ප්‍රමුඛත්වයක් දී ඇති අතර ඊට අවශ්‍ය සහය දෙන ලෙස සියලු ආයතන වෙත චක්‍රලේඛයක් නිකුත් කරන්නැයි ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබාදුන්නේය.

ටෙන්ඩර් පරිපාටියෙන් තෝරාගන්නා සියලු ව්‍යාපෘති තෙමසකදී ආරම්භ නොකළහොත් නිකුත් කළ බලපත්‍ර අවලංගු කළයුතු බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top