ප්‍රමුඛ පුවත 1

2019 වර්ෂයේ රජයේ අපේක්‍ෂිත වියදම මෙන්න

(UTV| කොළඹ) – 2019 වර්ෂයේ රජයේ අපේක්‍ෂිත වියදම රුපියල් කෝටි 228,100 ‌ (රුපියල් බිලියන 2281 ක්‌) බව අන්තර්ජාලයට එක් කර ඇති එම වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පතෙහි දැක්‌වේ.

අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට මාසයකට පෙර මෙම විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.

ඒ අනුව මෙම කෙටුම්පත ඔක්තොම්බර් මාසයේ දෙවැනි සතියේදි මුදල් හා ජනමාධ්‍ය ආමත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නිමීතය.

එම කෙටුම්පතේ දැක්වෙන අකාරයට 2018 වර්ෂයට සාපෙක්ෂව 2019 වර්ෂයේ රජයේ වියදම රුපියල් කෝටි තිස්‌ දහස්‌ හාරසිය හැට අටකින් ඉහළ යන බව වසර දෙකට අදාළ විසර්ජන පනත් කෙටුම්පත් සැසඳීමේදී පැහැදිලි වෙයි.

2018 වර්ෂයට අදාළව ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට අනුව මෙම වසරේ වියදම රුපියල් කෝටි 197,700 කි.

නව විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ වැඩි මුදලක්‌ වෙන්කර තිබෙන්නේ ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහා වන අතර එය රුපියල් කෝටි 30611 වන අතර එය මෙම වසරට වඩා රුපියල් කෝටි 1540 ක වැඩිවීමකි.

මෙම වසරේ ආරක්‍ෂාව වෙනුවෙන් වෙන් කළ මුදල රුපියල් කෝටි 29071 කි.

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය සඳහා ලබන වසරේ අපේක්‍ෂිත වියදම රුපියල් කෝටි 29,515 ක් වන අතර එය මෙම වසරට වඩා රුපියල් කෝටි 10,953 ක වැඩිවීමකි.

පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශය සඳහා ලබන වසරට වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 24,565 කි.

ලබන වසරේ ජනාධිපතිවරයා වෙනුවෙන් රුපියල් කෝටි 1,347 ක්‌ වෙන්කර ඇති අතර මෙම වසරේ ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කළ මුදල රුපියල් කෝටි 998 කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top