ප්‍රමුඛ පුවත 1

2016 උසස් පෙළ විභාග ප්‍රතිඵලනිකුත් කෙරේ

(උදයම් ,කොළඹ ) – අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵලනිකුත් කෙරේ.
අද අලුයම මෙලෙස ප්‍රතිඵල නිකුත් කල බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයෝ දෙලක්ෂ 63,550 දෙනෙක් පෙනී සිටියහ.
මේ අතර, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දින සියලු පාසල් වෙත ප්‍රතිඵල ලේඛන තැපැල් මගින් යැවීමට කටයුතු කරන බවයි.
එසේම පෞද්ගලික අයඳුම්කරුවන් ඔවුන්ගේ ප්‍රතිඵල පෞද්ගලික ලිපිනයන් වෙත ඉදිරියේදී තැපැල් කිරීමට නියමිතය.
ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ මාතර රාහුල විද්‍යාලයේ ආර්.ජී.නිසල් පුන්සර
ශිෂ්‍යාය.

භෞතීය විද්‍යා විෂය ධාරාව ඔස්සේ දිවයිනේ ප්‍රථම ස්ථානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ කේ.ඩී.එම්. අමායා ධර්මසිරි විසින් ලබාගෙන ඇති අතර දෙවන ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ යූ.ජී.චතුර ජයසංඛ හා තෙවන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ එම්.බී.සවිඳු දිමාල් තානුක විසින් හිමිකරගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
වාණිජ විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ ආනන්ද විද්‍යාලයේ මුදිත අකලංක රාජපක්ෂ සිසුවාය. දෙවන ස්ථානය කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ ඔනිල් වින්දුල පෙරේරා විසින්ද තෙවන ස්ථානය පොලොන්නරුව ආනන්ද බාලිකා ජාතික පාසලේ නිපුනි ධනංජනී රුපසිංහ විසින් ලබාගෙන තිබේ.
කලා විෂය ධාරාවේ සිංහල මාධ්‍යයේ දිවයිනේ ප්‍රථමයා කිරිබත්ගොඩ විහාරමහා දේවි බාලිකා විද්‍යාලයේ U.W අමන්දා පාරමී ශිෂ්‍යාව හිමිකරගෙන ඇති අතර කලා විෂය ධාරාවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් දිවයිනේ ප්‍රථමයා වීමට මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ R.ඉන්දීවරී ගවරම්මාන ශිෂ්‍යාව සමත්ව ඇත.
එහි දමිළ මාධ්‍යයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ යාපනය මනිපායි හින්දු විදුහලේ පද්මනාදන් කුරුපරෙෂාන් ශිෂ්‍යායා විසිනි.
මෙවර උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථමයා යාපනය චුන්නාකම් ස්කන්දවාරෝදය විද්‍යාලයේ කනක සුන්දරම් ජතුර්සජාන් සිසුවා විසින් හිමිකරගෙන තිබෙනවා. දෙවන ස්ථානය මාතලේ විද්‍යා විද්‍යාලයේ නිසල් කොබ්බෑකඩුව ද තෙවනස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සන්දීප අන්ජලී රණතුංග විසින්ද හිමිකරගෙන ඇති බව සඳහන්ය.
ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව ඔස්සේ කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයේ මලිති ශශිකලා දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇති අතර දෙවන ස්ථානය කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ මයුමි තත්සරණී විසින්ද තෙවන ස්ථානය ඔඩ්ඩමාවඩි මධ්‍ය මහා විද්‍යාලයේ ඉල්යාස් ෆාතිමා අරෝස විසින් ද හිමිකරගෙන තිබේ.
පොදු විෂය ධාරාවන් ඔස්සේ දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ කොළඹ මියුසියස් විද්‍යාලයේ තිලාර ඒකනායක වන අතර දෙවන හා තෙවන ස්ථාන පෞද්ගලික අයදුම්කරුවන් ලෙස පෙනී සිටි තුන්මෝදර, පැල්පොල ප්‍රදේශයේ පදිංචි ධනංජය විමුක්ති කරුණාරත්න විසින් සහ ගාල්ල, උළුවිටිකේ ප්‍රදේශයේ පදිංචි ලහිරු සසංක විසින් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top