ප්‍රමුඛ පුවත 1

19 වසරකට පෙර සිදුවූ අපරාධයකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින්

(UTV| කොළඹ) – වසර 19කට පෙර කොරියාවේදී සිදුවූ සමූහ දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කරයි.

මෙම සිද්ධියක් වාර්තා වුණේ 1998 වසරේදීය.

කොරියාවේ තේගු නැමැති ප්‍රදේශයේදී වයස අවුරුදු 18ක කොරියානු ජාතික තරුණියක් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ අතර පසුව එරට පොලීසිය සහ බලධාරීන් එක්ව සිදුකළ විමර්ශනයකදී එම තරුණියගේ යට ඇඳුම් වෙනත් ස්ථානයක තිබී හමුවිය.

ඒවායේ ශුක්‍රාණු කොටස් තැවරී ඇති බව නිරීක්ෂණය කර තිබු අතර ඒ අනුව කොරියානු බලධාරීන් මෙම ශුක්‍රාණු වලින් ලබා ගත් DNA යොදා ගනිමින් DNA ආකෘතියක් වර්ධනය කරගෙන ඇති අතර, එම අවස්ථාවේදී මෙම අපරාධය සිදුකළේ කවුරුන් ද යන්න තොරතුරු හෙළි කර ගැනීමට හැකිව නොමැත.

මේ අතර, ඊට වසර 12කට පසුව එනම්, 2010 වසරේදී කොරියානු රාජ්‍යයේ රැකියාවකට ගොස් සිටි, ශ්‍රී ලාංකිකයෙකු එහිදී වෙනත් බාල වයස්කාර දැරියකට ලිංගික අතවරයකට මුදලට ආරාධනා කිරීමේ උත්සාහයක් හේතුවෙන් අධිකරණය හමුවේ වරදකරු වී ඇත.

අධිකරණය හමුවේ වැරදිකරු වූ මොහුගේ DNA සාම්පල කොරියානු බලධාරීන් විසින් ලබාදෙන පසුව ඒවා ගබඩා කර ඇති බවයි වාර්තා වන්නේ.

2011 වසරේදී කොරියානු බලධාරීන් මීට පෙර ලැබී තිබූ හඳුනා නොගත් ඩී.එන්.ඒ. සාම්පල සමඟ අලුතින් ලැබුණු DNA සාම්පල සසදා බැලීමේදී 1998 වසරේදී මිය ගිය තරුණියගේ යට ඇඳුම්වල තිබී හමුවූ ශුක්‍රාණුවලින් ගොඩනැගූ DNA ආකෘති සමගින් සමාන වී තිබේ.

ඉන් අනතුරුව 1998 වසරේදී ජීවිතක්ෂයට පත්වූ තරුණියගේ පියා සිදුකළ ඉල්ලීම් මත කොරියානු බලධාරීන් මෙම ශ්‍රී ලාංකිකයාට එරෙහිව තේගු අධිකරණයේදී නඩු පවරා ඇතත්, එරට නීතියට අනුව ස්ත්‍රී දූෂණ වරදක් සම්බන්ධයෙන් නඩු පැවරීමේ කාලසීමාව වසර 10ක් ඉක්මවා ගොස් තිබූ බැවින් අධිකරණය එම නඩුව ප්‍රතික්ෂේප කර තිබුණි.

මෙම සිදුවීමට සම්බන්ධ තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු එම කාලසීමාව වන විට යළි සිය රට පැමිණ ඇති අතර, ජීවිතක්ෂයට පත්වූ තරුණියගේ පියා සහ මේ පිළිබදව උනන්දුවෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉකුත් වසරේ අගෝස්තු මස 28 වන දා කොරියානු රජය රාජතාන්ත්‍රික මට්ටමින් මේ පිළිබදව ශ්‍රී ලංකා රජයට කරුණු දක්වා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top