ප්‍රමුඛ පුවත 1

පාසල්වලට මුදල් එක්රැස් කිරීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය අවලංගුයි

(UTV| කොළඹ) – 26/2018  “පාසල් පාදක ගුණාත්මක, ප්‍රමාණාත්මක හා ව්‍යුහාත්මක සංවර්ධනය සඳහා සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය පිළිබඳ චක්‍රලේඛය සහ මාර්ගෝපදේශ චක්‍රලේඛය”  වහා අවලංගු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා,අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දෙයි.

අද (29) අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාට මෙම උපදෙස් ලබා දුන් බව එම අමත්‍යංශය සඳහන් කරයි.

අදාළ චක්‍රලේඛය 2018 වසරේ ජූනි 22 දින නිකුත් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාගේ අත්සනින් යුතුවය.

පාසල්වලට මුදල් එක්රැස් කිරීමේ දී එම කටයුතු විධිමත් කිරීම අරමුණු කර ගනිමින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව නිලධාරීන් සඳහන් කළ ද,  මේ හරහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයකින් තොරව අවිධිමත් ලෙස මුදල් එක්රැස් කිරීමේ හැකියාව හිමිවන බව අනාවරණය වීමත් සමඟ අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම චක්‍රලේඛය අවලංගු කිරීමට උපදෙස් ලබා දී ඇත.

ඇතැම් අවස්ථාවලදී නිසි කරුණු සොයා බැලීමකින් තොරව නිලධාරීන් විසින් නිකුත් කරන ලද මෙවැනි චක්‍රලේඛ හේතුවෙන් රජය, පාසල් දරුවන්, මාපියන් මෙන්ම ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුලු සියලු දෙනා අපහසුතාවයට පත්වන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

විදුහල්පතිවරුන්ට හෝ පාසල් සංවර්ධන සමිති වලට හිතුමනාපයේ මුදල් එක්රැස් කිරීමට අවකාශ සලසමින් කටයුතු කිරීම කිසිවිටෙකත් නොකළ යුත්තක් වන බවත්, නිදහස් අධ්‍යාපනය තහවුරු කිරීම වෙනුවෙන් මාපියන්ගේ සහ දරුවන්ගේ පාර්ශවය මුහුණ දෙන ආර්ථික සහ සමාජ අර්බුදයන් ද තේරුම් ගනිමින් කටයුතු කිරීමට නිලධාරීන් පියවරගත යුතු බවද  අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කරයි.

ඒ අනුව 26/2018 චක්‍රලේඛය අද සිට අවලංගු වන අතර ඒ වෙනුවට 5/2015  “පාසල්වල අවිධිමත් ලෙස මුදල් එකතු කිරීම” සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය බලාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top