ප්‍රමුඛ පුවත 1

සුනාමියට වසර 14 යි .මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් රකින ලෙස ඉල්ලීමක්

(UTV| කොළඹ) – ශ්‍රී ලාංකිකයින් ඇතුළු රටවල් රැසක ලක්ෂ තුනකට අධික පිරිසකගේ ජීවිත බිලිගත් සුනාමි ව්‍යසනයට සිදුවී අදට වසර 14 ක් සම්පුර්ණ වේ.

ඒ වෙනුවෙන්  ජාතික සුරක්ෂිතා දිනයද අද සමරනු ලබයි.

ඉන් මියගිය සහ බලපෑමට ලක්වූ ජනතාව සිහිකර අදත් දිවයින පුරා වැඩසටහන් රැසක් පැවැත් වෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

2004 වසරේ දෙසැම්බර් මස 26 වන දින උදෑසන 6.58 ට පමණ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්න මුහුදු පත්ලේ සිදුවූ දරුණු භු කම්පනයේ ප්‍රතිඵලයක් ලෙස නැගුනු උදම් රළ පැයට කිලෝමීටර් 800 ක වේගයකින් මෙරටට ඇතුළු විය.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජීවිත තිස් පන්දහසකට අධික සංඛ්‍යාවක් බිලිගත් අතර රුපියල් කෝටි ගණනක දේපලද විනාශ  වුණි.

මෙම විනාශය සිහිපත් කරමින් සුනාමි සැමරුම් උත්සව සෑම වසරකම දෙසැම්බර් 26 දින පැවැත්වේ.

සුනාමි රළ පහර මෙරටට එල්ල වූ වේලාව වන උදෑසන 9.25 සිට 9.27 දක්වා වේලාවේදී නිහඩතාව රකිමින් මියගියවුන් සිහි කෙරෙන අතර ඒ අනුව අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා මිනිත්තු දෙකක නිහඬතාවක් ආරක්ෂා කරමින් මෙම ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරීමට එක්වන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඊට අමතරව මියගිය පුද්ගලයින් සිහිකරමින් ආපදා කළමනාකරණ මධ්‍යථානයේ මෙහෙයවීමෙන් අද දිස්ත්‍රික් මට්ටමින් සැමරුම් උත්සව පැවැත්වේ.

ඒ අනුව පැරෑලිය සුනාමි ස්මාරකය අසලදී ප්‍රධාන ආගමික වැඩසටහන පැවැත්වීමට නියමිත බව අපද කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top