ප්‍රමුඛ පුවත 1

සීනි මත පැනවූ නව බදු හේතුවෙන් සීනි වල සිල්ලර මිල වැඩිකිරීමට අවසර

(UTV| කොළඹ) – ලෝක වෙළෙඳපොළේ අතිරික්ත සීනි සැපයුමක් හේතුවෙන් ජාත්‍යන්තර සීනි මිල බෙහෙවින් අඩුවී ඇති බැවින් සීනි සඳහා පනවා ඇති නව බදු හේතුවක් කරගෙන සීනිවල වෙළෙඳපොළ මිල වැඩිකිරීමට කිසිදු අවසරයක් නොදෙන බව රජය පවසයි.

ඉන්දියාව, තායිලන්තය, බ්‍රසීලය වැනි සීනි නිෂ්පාදිත රටවල මහා අස්වැන්න හේතුවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන සීනිවල මෙතෙක් පැවැති ආනයනික පිරිවැය 1 kg ක් සඳහා රු. 75 සිට රු. 55 ට වඩා අඩුවී ඇත. මෙම මිල අඩුවීම නිසා දේශීය සීනි නිෂ්පාදකයන් හට අවාසියක් වීම වැළැක්වීම සඳහා සීනි සඳහා පනවා තිබූ රු. 31 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කරමින් ආනයනය කරනු ලබන සීනි සාමාන්‍ය බදු ව්‍යුහය යටතට පත්කර ඇත.

ඒ අනුව, ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති නව බදු ව්‍යුහය යටතේ තීරු බදු, වරාය ගාස්තු හා ජාතිය ගොඩනැගීමේ බද්ද ආදිය වශයෙන් ආනයනික සීනි 1 kg  කට රු. 42 ක පමණ බද්දක් අයකරනු ලැබේ. ඒ අනුව, විවෘත වෙළෙඳපොලෙහි මිල අඩුවීමේ ප්‍රවණතාවය සමග සසඳන විට නව බදු පැනවීමෙන් පසුව වුවද ආනයනකරුවන් හට සීනිවලින් මිල වාසියක් අත්වේ.

එහෙයින්, මෙම බදු පැනවීම හේතුවක් කරගෙන සීනි ආනයනකරුවන් සහ බෙදාහරින්නන් සීනිවල සිල්ලර මිල වැඩිකරන්නේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කරනු ඇත.

සීනි මිල පසුගිය වසර කිහිපයක් තිස්සේ නිරන්තරව අඩුවෙමින් පවතින බැවින් එහි වාසිය පාරිභෝගික ජනතාවට සැලසීමේ අටියෙන් සීනි සඳහා පැවැති උපරිම සිල්ලර මිල ඉවත් කරන ලදී.

එහෙත්, අවශ්‍යතාවයක් වුවහොත් එම උපරිම සිල්ලර මිල යළි පැනවීමට කටයුතු කරනු ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයක දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top