ප්‍රමුඛ පුවත 1

සීනිවල ආනයනික පිරිවැය තවදුරටත් අඩුවෙයි

(UTV| කොළඹ) – ලෝක වෙළෙඳපොලේ පවත්නා අධික සැපයුම හේතුවෙන් මෙරටට සීනි ආනයනය කිරීමේදී එහි පිරිවැය මේ වනවිට කිලෝග්‍රෑමයකට රු. 52 දක්වා අඩුවී තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඉන්දියාව, තායිලන්තය හා බ්‍රසීලය වැනි රටවල අධික අස්වැන්න හේතුවෙන් සීනි සැපයුම් මේ වනවිට බෙහෙවින් වැඩි වී තිබේ. 2018 සැප්තැම්බර් මාසය දක්වා මෙරටට ආනයනය කරන ලද සීනි කිලෝග්‍රෑමයක පිරිවැය වූයේ රු. 63/- ක් පමණි. එහෙත්, එය ක්‍රමයෙන් අඩුවී අද වනවිට සීනි කිලෝග්‍රෑමයක ආනයනික පිරිවැය රු. 52/- දක්වා අඩුවී තිබේ.

ශ්‍රී ලංකාවේ වසරකට මෙට්‍රික් ටොන් ලක්ෂ හයක් පමණ සීනි පරිභෝජනයක් පවතියි. එයින් මෙ.ටොන් 50,000 ක් පමණ දේශීය වෙළෙඳ පොලින් සැපයේ.

ලෝක වෙළෙඳ ප්‍රවණතාවය හේතුවෙන් කිලෝග්‍රෑමයක් සඳහා රු. 52/- වන අඩු පිරිවැය සහිත සීනි මෙ.ටොන් 22,000 ක් පමණ මේ වනවිට මෙරටට ආනයනය කර තිබෙන බැවින් නව බදු පැනවීම මධ්‍යයේ වුවද සීනි මිල වැඩි කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත.

සීනි කිලෝවක ආනයනික මිල රු. 76 ක උපරිමයට තිබියදී අයකරන ලද රු. 31 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට සියළු බදු සහිතව  (19)  දින සිට රු. 42/- ක් අයකළද සීනි කිලෝවක ආනයනික පිරිවැය රු. 51/- දක්වා අඩුවී ඇති බැවින් සීනිවල විකුණුම් මිලෙහි කිසිදු වෙනසක් නොවිය යුතුයි යන්න රජයේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top