දේශීය

සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීමට ජනපතිගෙන් සැලසුම්

මානව සම්පත සහ භූගෝලීය පිහිටීම උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයකට ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රට ගොඩනැගීම වෙනුවෙන් මානව සම්පත උපරිමයෙන් භාවිතයට ගැනීම සිය අරමුණ බවය.

 

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ මහනුවර ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

 

“අපිට අනාගතයක් තියෙන්න ඕනේ. ඒ අනාගතය තමා තාක්ෂණය. ඒක පදනම් කරගත් කර්මාන්ත ක්‍රමය. තාක්ෂණය පදනම් කරගත්ත කෘෂිකර්මාන්තය. තාක්ෂණය පදනම් කරගත්ත සේවා ක්‍රමය. එතැනටයි අපි ගමන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පස්සේ ආණ්ඩුව ප්‍රකාශ කරන්න යන්නේ අපේ ඉදිරි ගමන පළමුවෙන්ම අපි සීඝ්‍රයෙන් වර්ධනය වෙන ආර්ථිකයක් ඇති කරන්න. ඉතා තරගකාරී ආර්ථිකයක් ඇති කරන්න. ඒ වැඩකරන්න අපි පළමුවෙන්ම තාක්ෂණය පදනම් කරගත් ආර්ථිකයක් ඇති කරන්න, දෙවනුව ඩිජිටල් ක්‍රමය පදනම් කරගත් ආර්ථිකයක් ඇති කරන්න, තුන්වෙනුව හරිත ආර්ථිකයක් ඇති කරන්න. මේවා ඇති කරන්න නම් අලුත් අධ්‍යාපන ක්‍රමයක් ඕනේ. අපේ විශ්වවිද්‍යාලවලින් පමණක් ඒක ලබාගන්න බෑ.”

 

මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය නවීකරණය කරන අතර නව රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමට ද පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

 

“තවත් රජයේ නොවන අංශවලින් විශ්වවිද්‍යාල කිහිපයක් ආරම්භ කරන්න යනවා. වෛද්‍ය පීඨ ආරම්භ කරන්න යනවා. රජයෙනුත් උත්සාහ ගන්නවා තවත් අලුත් මේ අන්දමේ විශ්වවිද්‍යාල ආරම්භ කරන්න. කුරුණෑගල පදනම් කරගත්ත එකක්. සීතාවක පදනම් කරගත්ත එකක්. තවත් එක විශ්වවිද්‍යාලයක්. ඒ තුනෙන් හැම එකටම අඩුගානේ මණ්ඩප දෙකක් තියෙනවා. අන්න ඒවා තමයි අපි ආරම්භ කරන්න ඉන්නේ. මේ අවුරුද්ද තුළදී ඒ සැලසුම අපි දැනුම්දෙනවා. මම ඉන්දියාවේ අගමැතිතුමා එක්ක සාකච්චා කරා චෙන්නායි IIT ආයතනය ඇති කරන්න. ඒ ආයතනයේ මණ්ඩපයක් මහනුවර ආරම්භ කරන්නත්. ඒක පස්සේ අපිට පුළුවන් වෙනම විශ්වවිද්‍යාලයක් කරන්න. ඒ වගේම ජාත්‍යන්තර කාලගුණ විපර්යාස විශ්වවිද්‍යාලය අපි ආරම්භ කරන්න ඉන්නේ කොත්මලේ ස්කන්ස්කා ව්‍යාපාරයේ, ඒ වැඩපොළ තිබ්බ ස්ථානයේ. මහනුවර තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත්

කරගන්න.”

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top