ප්‍රමුඛ පුවත 1

සහල් මෙට්‍රික් ටොන් 55,000ක් ආනයනය කිරීමට සුදානම්

(උදයම්,කොළඹ)  –  දේශීය වෙළෙඳ‍පොළේ සහල් හිඟයක් ඇතිවීම වළක්වාලීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි සහල් මෙට්‍රික් ටොන් 55,000ක් ආනයනය කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තීරණය කරයි.

අමාත්‍යවරයාගේ උපදෙස් මත අමාත්‍යාංශ ‍ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශ නිලධාරින් දෙදෙනාගේ සහ ආහාර තාක්ෂණවේදියකු එම රටවලට ගොස් මෙරටට සුදුසු සහල් මොනවාද යන්න පිළිබඳ පරීක්ෂා කර බලා ඇති බවද එම අමාත්‍යාංශය පවසයි.

එම සංචාරයේ ප්‍රතිඵලයක් ලෙසින් මෙම සහල් තොගය ආනයනය කිරීමට නියමිතව ඇත.

ඒ අනුව මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 30,000ක් සහ පාකිස්තානයෙන් සහල් මෙට්‍රික් ටොන් 25,000ක් මෙරටට ආනයනය කිරීමට නියමිතව ඇත.

මෙම සහල් තොගය ඉදිරි සති දෙක ඇතුළතදී මෙරටට ලැබිමට නියමිතව ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top