ප්‍රමුඛ පුවත 1

සයිටම් ගැන අවසන් තීරණය 17

(උදයම්.කොළඹ)  –  මාළඹේ සයිටම් විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය මගින් ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයන් මේ මස 17 වන දා රැස්වීමට නියමිතය.
සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන්නේ ද නැද්ද යන්න පිළිබදව වෛද්‍ය සභාවේ මූලික අවදානය යොමුව තිබේ.
කෙසේ වෙතත්  වෛද්‍ය සභාවේ කළමනාකරණ කමිටුව අද මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.
මේ අතර, මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන තුරු දිවයිනේ වෛද්‍ය පීඨ අටේම සිසුහු ඊයේ දිනයේ සිට අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව සිටිති.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top