දේශීය

සතියකට තෙල් ඇත – අනවශ්‍ය කලබල එපා

(UTV | කොළඹ) – දැනට ලංකාවේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් ඒ වගේම I O C සමාගමත් අඛණ්ඩව කරගෙන යනවා.

බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ,

“.. අද දිනය වන විට ඉදිරි සතියක සාමාන්‍ය පරිහරණය සඳහා ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක් දිවයිනේ තිබෙනවා

ඒක නිසා ජනතාවගේ පැත්තෙන් අනවශ්‍ය කලබල වීමක් විය යුතු නෑ ඒ වගේම මෙහිදී මතක් කරන්න ඕන දැන් පිරිපහදුවේ දෛනිකව නිපදවෙන පෙට්‍රල් ඩීසල් ප්‍රමාණයත් යම් ප්‍රමාණයකින් තෙල් සැපයුමට එකතු වෙනවා.

ඒ වගේම දැනටමත් වරායට මෙට්‍රික් ටොන් 35300 පෙට්‍රල් නැවක් පැමිණ තිබෙනවා හෙට දිනයේදී ඩීසල් නැවක් පැමිණීමට නියමිතයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංකාවේ තියෙන මේ රටේ ඉන්ධන සැපයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරගෙන යාමට උපරිම වශයෙන් කටයුතු කර ගෙන යනවා

අපේ රට විශාල විදේශ විනිමය හිඟයකට මුහුණ දී තිබෙනවා ඒක නිසා මේ තෙල් ආනයනය කිරීම සඳහා අවශ්‍ය විදේශ විනිමය සපයා ගනිමින් ජනතාවගේ පැත්තෙන් සහයෝගය ලබමින් මේ කාරණය හොඳින් තේරුම් අරගෙන වගකීමෙන් ඉන්ධන පරිහරණය කරන පාරිභෝගික පිරිසක් තමයි අපි බලාපොරොත්තුවෙන්නෙ.

I O C ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සහ විෂයභාර අමාත්‍යවරයා ව දැනුවත් කිරීමෙන් අනතුරුව එම මිල වැඩි කීරීම සිදු කර ඇත.

සිපෙට්කෝ ආයතනයේ ඉන්ධන අලෙවි කරන්නේ දැවැන්ත අලාභයක් පිට නමුත් සිපෙට්කෝ ඉන්ධන මිල වැඩිකිරීමේ මෙතෙක් තීරණයක් ගෙන නැහැ..”

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top