දේශීය

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) – ලබන වසර සඳහාවන විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

එය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ද පසුගියදා දැනුම් දෙනු ලැබුවා.

අයවැය විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතියද පසුගියදා හිමිවුණා.

ලබන වසරේ රජයේ වියදම් රුපියල් කෝටි තුන් දහසකින් පමණ අඩුවන බව ආරංචි මාර්ග සඳහන් කළා.

ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය අංශයට ලබන වසර සඳහා වෙන් කෙරෙන මුදල් ප්‍රමාණ ද අඩු කර ඇති අතර වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ජාතික ආරක්ෂාව සඳහායි.

ආරක්ෂාවට පසු වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටයි.

ඊට පසු වැඩිම මුදලක් මහා මාර්ග අමාත්‍යාංශයට වෙන් කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයද ඉහළ නංවා තිබෙනවා.

ලබන වසර සඳහා වන රජයේ අයවැය යෝජනාවලිය නොවැම්බර් මස 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top