ප්‍රමුඛ පුවත 1

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – තංගල්ල කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් කළ මෙහෙයුමකදී ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු තංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 10ක්, ව්‍යාජ රුපියල් 500 නෝට්ටු 50ක් සිය භාරයට ගත් බව පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 51 හැවිරිදි පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු තංගල්ල ප්‍රදේශයේ සිදු කළ කොල්ල කෑමක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු ලැබ සිටින හා වලස්මුල්ල ප්‍රදේශයේ රන් භාණ්ඩ කොල්ල කෑමක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

සැකකරු අද තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප්‍රමුඛ පුවත 1

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක තොරතුරු හෙළිවෙයි

(UTV| කොළඹ) – ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ස්ථානයක් පවත්වගෙන ගිය පුද්ගලයෙකු සහ තවත් තිදෙනෙකු කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ව්‍යාජ රුපියල් 1000 නෝට්ටු 05ක් සහ ව්‍යාජ රුපියල් 500 නෝට්ටු 03ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිය පැවසුවේය.

ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී එම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයා විසින් ඒවා මාරු කිරීම සඳහා ඔවුන් වෙත ලබාදී ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

පසුව පොලීසිය විසින් කැළණිය දිප්පිටිගොඩ ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය මුද්‍රණාගාරය වටලා ව්‍යාජ රුපියල් 1000 මුදල් නෝට්ටු 27 සහ ව්‍යාජ රුපියල් 500 මුදල් නෝට්ටු 04ක් සමඟ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා භාවිතා කළ මුද්‍රණ යන්ත්‍රයක් සහ පරිඝණක යන්ත්‍රයක් ද එහිදී පොලීසිය බාරයට ගෙන තිබේ.

To Top