ප්‍රමුඛ පුවත 1

රිය අනතුරකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වේ

(UTV | කොළඹ) – අද (31)අලුයම කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ – දුම්මලදෙනිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙම අනතුර ත්‍රිරෝද රථයක් සහ ට්‍රක් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙනුයි සිදුවී ඇති බවට වාර්තා වේ.

අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ 4 දෙනාම මිය ගොස් ඇති අතර ඔවුන් ගුවන් හමුදාවේ සාමාජිකයන් බවට අනාවරණ වී තිබේ.

මිය ගිය පුද්ගලයින් කහටගස්දිගිලිය, බල්ලපාන සහ කොස්ගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top