ප්‍රමුඛ පුවත 1

මෙරට විශාලතම අපනයන සැකසුම් කළාපයේ වැඩ අගමැති ප්‍රධානත්වයෙන්.

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කළාපයේ වැඩ ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) බිංගිරියේදී ආරම්භ වීමට නියමිතයි.

මෙම සංවර්ධන කළාපය අදියර 3 ක් යටතේ ක්‍රියාත්මක වන අතර පළමු පියවර ලෙස බිංගිරිය ජර්මන් වත්ත ප්‍රදේශයේ අක්කර 164 ක භූමි ප්‍රදේශය සංවර්ධනය කර නව කර්මාන්ත ශාලා 25 ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

එමගින් සෘජු රැකියා 10000 ක්ද වක්‍ර රැකියා 3000 ක්ද ලබාදීමට සැලසුම් කර තිබේ.

මේ අතර වසර 15කට පසු මෙවැනි අපනයන සැකසුම් කළාපයක් ශ්‍රී ලංකාව තුල ඉදිවන පළමු අවස්ථාව මෙය වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top