Trending News

මෙරට පර්යේෂණ,තොරතුරු තාක්ෂණය, සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල ආයෝජනයට දකුණු කොරියාව සුදානම්

(උදයම්,කොළඹ)  – මෙරට පර්යේෂණ සහ සංවර්ධන, තොරතුරු තාක්ෂණය, සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල ආයෝජනයට දකුණු කොරියානු රජය කැමැත්තෙන් සිටින බව දකුණු කොරියානු විදේශ අමාත්‍ය යුන් බියුන්ග් සේ  මහතා පවසයි.

ඊයේ  (15) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් යුන් බියුන්ග් සේ මහතා,දෙරටේ සහයෝගීතාවය වර්ධනය කරමින් සංවර්ධනය සඳහා වන සහයෝගීතාව ඇමරිකානු ඩොලර් මිලියන 300 සිට 500 දක්වා ආධාර ඉහළ නැංවීමටත්, නියඟයෙන් පීඩා විඳින ජනතාවට ජල බවුසර ඇතුළු වෙනත් පහසුකම් සැපයීමටත් තම රජය ක්‍රියා කරන බව පැවසීය. ඊට අමතරව ශ්‍රී  ලංකාවේ මෙගා පොලිස් ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට ද, දකුණු කොරියානු රජය දැඩි සේ කැමැත්තෙන් සිටින බව පවසා තිබේ.

ගින්නකට මැදිවූ කොරියානු මහළු කාන්තාවකගේ ජීවිතය බේරාගැනීමට කොරියාවේ රැකියාවේ නිරත ශ්‍රී ලාංකික තරුණයෙකු මැදිහත්වීම නිසා ශ්‍රී ලාංකිකයන් කොරියාවේ ජාතික වීරයන් බවට පත්ව ඇති බව පැවසූ විදේශ අමාත්‍යවරයා  කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට සිය ප්‍රශංසාව පළ කරන බවද පැවසීය.

ජාතික සමගිය හා සංහිඳියාව වෙනුවෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යතුමන් දක්වන කැපවීම සහ වෙහෙස කොරියානු විදේශ අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් විය.

වසර 40 ක් පැරණි තානාපති සබඳතා සිහිපත් කරමින් තවදුරටත් දෙරට අතර සබඳතා තව තවත් පුළුල් කරලීමට බලාපොරොත්තු වන බව පැවසූ වික්‍රමසිංහ මහතා, ජාතික අධ්‍යාපන ආයතනය නවීකරණය සහ වෘත්තීය අධ්‍යාපනය හා ඊ පුස්තකාල සේවාව පුළුල් කරලීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති චන්ග් වොන් සම්, දකුණු ආසියානු සහ පැසිපික් කලාපයේ අධ්ය ක්ෂ් ජෙනරාල් රියු ජියොන්ග් හියුං , සංවර්ධන සහයෝගීතා නියෝජ්යන අධ්ය්ක්ෂ  ජෙනරාල් ඔහ් හියුං ජෝ දකුණු කොරියානු පාර්ශවය නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගී වූ අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක සහ විදේශ කටයුතු අමාත්‍යංශයයේ ලේකම් ඇසළ වීරකෝන් යන මහත්වරුන් මෙම හමුවට එක්වූහ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top