දේශීය

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2000 පසුකරයි

(UTV |ගම්පහ) – මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් නව ආසාදිතයන් 115 දෙනෙකු අද දිනයේ මේ දක්වා කාලය තුළ වාර්තාවී තිබේ.

ඒ සමඟ එම පොකුරෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 2000 සීමාව පසු කළේය.

එම කොරෝනා පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 2014කි.

මේ අතර මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 5,475ක් ලෙස සටහන්වේ.

ඉන් පුද්ගලයින් 2,067 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top