දේශීය

මැතිවරණයට අදාළ සියලු පාර්ශව කොමිසම හමුවට

පළාත් පාලන මැතිවරණයට අදාළ විශේෂ සාකච්ඡාවක් ලබන 07 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

 

මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම සාකච්ඡාව සඳහා මැතිවරණයට අදාළ සියලුම පාර්ශව කැඳවීමට නියමිත බවය.

 

ඒ අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා එදිනට කැඳවීමට නියමිතව ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top