දේශීය

මාරක අනතුරු කිහිපයක් – 4ක් මරුට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

ඊයේ (27) එම අනතුරු සිදුව ඇති බව පොලීසිය පවසයි.

 

හබරණ, පලුගස්වැව – උඩකඩවල මාර්ගයේ උඩකඩවල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා ගමන්කළ මොණරෙකුගේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

ත්‍රීරෝද රථය මොණරාගේ ගැටීමෙන් පසු රථය පාලනය පාලනය කර ගැනීමට නොහැකිව පෙරළීයාමෙන් අනතුර සිදුව තිබුණි.

 

අදාළ අනතුරින් මියගොස් ඇත්තේ, උඩකඩවල, පලුගස්වැව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

 

මේ අතර කළුතර, බණ්ඩාරගම මාර්ගයේ වෑවිට, පිටවාන පාලම අසලදී ලොරි රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබුණි.

 

අනතුරින් තුවාලා ලැබූ ත්‍රිරෝද රථ රියදුරු සහ එහි ගමන්ගත් දරුවන් දෙදෙනෙකු බණ්ඩාරගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ත්‍රීරෝද රථයේ රියදුරු මියගොස් තිබේ.

 

එසේ මියගොස් ඇත්තේ, කිම්මන්තුඩාව, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකි.

 

මේ අතර ගාල්ල – මාපලගම මාර්ගයේ නාගොඩ රෝහල අසලදී ඇඟලුම් කාර්මාන්ත ශාලාවක සේවයන් ප්‍රවාහනය කළ බස් රථයක් ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියට ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදියේ පිටුපස ගැටී, පැදිකරු බස් රථයේ රෝදයකට යටවීමෙන් අනතුරක් සිදුව තිබුණි.

 

එම අනතුර තුවාල ලැබූ 73 හැවිරිදි යතුරුපැදිකරු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

 

මේ අතර කුලියාපිටිය – හෙට්ටිපොළ මාර්ගයේ කරන්තිප්පල ප්‍රදේශයේදී යතුරුපැදියක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් 47 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top