ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී ගම්මන්පිලගේ චෝදනාවට අධිකරණ ඇමතිනියගෙන් පිළිතුරු

2019 මැයි මස 08 වන දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු  මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා විසින් අධිකරණ විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙකු අප්‍රේල් මස 08 වන දින සිට 12 වන දින දක්වා ඇමරිකානු එක්සත් ජනපදයේ කරන ලද සංචාරය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය සත්‍යයෙන්  තොර දේශපාලන වාසි ලබා ගැනීම සදහා කරන ලද ප්‍රකාශයක් ලෙස වගකීමෙන් ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ හා බන්ධනගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය සඳහන්ප්‍ කලේ මෙම ප්‍රකාශය තුළ නම් සඳහන් කරමින් දක්වන ලද ඇමරිකානු තානාපති කාර්යාලයේ ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ නීති උපදේශක පැට්‍රික් ජේ එහෙලර් (Patrick J.Ehelers) මහතාට යම්කිසි සිත් වේදනාවක් හෝ අපහසුතාවයක් ඇති වුයේ නම් ශ්‍රී ලංකා රජය සහ ගරු අධිකරණය වෙනුවෙන් මා කණගාටුව ප්‍රකාශ කරන බවයි.

එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේ සඳහන් වෙයි…

“2017 වර්ෂයේ සිට ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මගින් මහජන මුදල් අවභාවිතය දූෂණය හා මුදල් විශුද්ධිකරණය අවම  කිරීම සහ බැහැර කිරීම සම්බන්ධව පවතින නීති පිළිබව අපේ අධිකරණ පද්ධතිය  දැනුවත් කිරීම සදහා  අන්‍යොන්‍ය සහයෝගිතාවයෙන් කටයුතු කිරීම ආරම්භ කර ඇත. ඒ අනුව ඉහළ අධිකරණයෙහි විනිශ්චයකාරතුමන්ලාටත් ඒ පිළිබඳව අවබෝධයක් ලබාදීමට වැඩමුළු ඇමරිකානු රජය මගින් පවත්වා ඇත. 2018 අගෝස්තු 17 වන දින  සිට අගෝස්තු 28 වන දින දක්වා ගරු විනිශ්චයකාරවරුන් දස දෙනෙකු (10) ,2019 අප්‍රේල් වන දින 08 සිට අප්‍රේල් 12 වන දින දක්වා ගරු විනිශ්චයකාරවරුන් දහතුන් දෙනෙකු (13) කණ්ඩායම් දෙකක් වශයෙන් ඒ පිළිබදව අවබෝධය සහ අධ්‍යනය කිරීමට ඇමරිකානු එක්සත් ජනපදයේ සංචාරය කර ඇති අතර එහි වගකීම ඉහත සදහන් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ නීති උපදේශක පැට්‍රික් ජේ එහෙලර් මහතා දරා ඇත. ඊට අමතරව ඔහු සංවිධානය කර ඇති වැඩමුළුවක් 2018 දෙසැම්බර් 17 – 18 යන දෙදින මහාධිකරණ විනිශ්චයකාරතුමන්ලා 65 දෙනෙකුට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පවත්වා ඇත.

මීට අමතරව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඉදිරි සති කිහිපයේදී එම වැඩ සටහන සදහා ඇමරිකානු එක්සත් ජනපදයට පිටත්ව යාමට නියමිතය.

ස්ථීර ත්‍රි පුද්ගල මහාධිකරණය විශේෂයෙන්ම ස්ථාපිත කර ඇත්තේ මහජන මුදල් අවභාවිතය, රාජ්‍ය සම්පත් නාස්තිය, දූෂණය සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වන නඩු කටයුතු විභාග කිරීමටය. එහි විනිශ්චයකාරවරුන් මෙම වැඩ සටහනට සහභාගි වී ඇත්තේ ගරු අග්‍රවිනිශ්චයකාරතුමන්ගේ නිර්දේශය සහිතවය. මෙම වැඩ සටහනේදී ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණයේ විභාග වන නඩු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා වු බවට යම් පටිගත කළ හඩපට ඇති බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුව නොමග යවමින් ප්‍රකාශ කර ඇත.

මෙවැනි වැඩසටහන් අධිකරණ ක්ෂේත්‍රයේ අනෙකුත් ආයතන වලට ද  සංවර්ධිත රටවල් වලින් ලබා දෙන අතර ඇමරිකා එක්සත් ජනපදයට අමතරව වෙනත් රටවල් වලත් පවත්වන වැඩමුළු සදහා ගරු විනිශ්චකාරවරුන් සහ අධිකරණ ක්ෂේත්‍රයේ  අනෙකුත් ආයතන වල නිලධාරීන් ඒවා සදහා සහභාගි වී තිබේ.

තමන්ගේ මන්ත්‍රි වරප්‍රසාද භාවිතා කරමින් මෙවන් අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් ගරු අධිකරණයේ විනිසුරුවරුන්ට අපහාස කිරීමට උත්සාහ කළ බව මැනවින් අවබෝධ වනවා ඇත.

ඒ සම්බන්ධයෙන් ගරු විනිශ්චයකාරතුමන්ලාට සිදු වු අපහාසය සහ අධිකරණයේ ස්වාධීනත්වයට වු හානියත් විදේශ දූත මෙහෙවරක කටයුතු කරමින් අවශ්‍ය පහසුකම් සපයන අමරිකානු තානාපති කාර්යාලයේ අධිකරණ දෙපාර්තමේන්තවේ නීති උපදේශක පැට්‍රික් ජේ එහෙලර් මහතාට වු එම අපහසුතාවය සම්බන්ධයෙන් වැඩිදුර අවශ්‍ය කටයුතු කිරීමට එම මන්ත්‍රිවරයා සතුව ඇති හඩපටය වහාම ගරු කථානායකතුමා මගින් පාර්ලිමේන්තුව හෝ ගරු අග්‍රවිනිශ්චයකාරතුමාට, අධිකරණ සේවා කොමිෂන් සභාවට ලබාදීමට කටයුතු කිරීමෙන් මේ පිළිබඳව නිවැරදි කරුණු අනාවරණය කර ගත හැකි වේ.මෙවන් අසත්‍ය ප්‍රකාශ මගින් රටේ ජනතාව තුළ අධිකරණයේ ඇති විශ්වාසය කඩ කිරීමට කටයුතු කරනු ලබන්නේ තවමත් උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා ඉතිහාසය තුළ අධිකරණයේ ඇති වු තිබුන  තත්වය යලි යලිත් සමාජ ගත කිරීමට කරන අසාර්ථක වෑයමක් වශයෙන් දකිමි.

පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තු වරප්‍රසාද මුවාවෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔබ මාධ්‍ය ආයතනය කිසිදු විමසීමකින් තොරව ප්‍රචාරය කළා සේ ප්‍රචාරයක් මෙම නිවැරදි කිරීම සම්බන්ධයෙන් ලබා දෙනු ඇතැයි මා විශ්වාස කරමි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top