ප්‍රමුඛ පුවත 1

භූමිතෙල් ලීටරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහලට

(උදයම්,කොළඹ) – භූමිතෙල් ලීටරයක මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් පහකින් අඩුකරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වන විට රුපියල් 49ක්ව පවතින භූමිතෙල් ලීටරයක මිල මෙම මිල අඩුකිරීමත් සමග රුපියල් 44ක් දක්වා පහල යනු ඇත.

මෙවර අයවැය මගින් භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කරන බවට ප්‍රකාශයට පත් කර තිබුණි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන මෙම මිල අඩුකිරීම් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට දැනුම් දී ඇති බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top