විදෙස්

බ්‍රසීලයේ අවන්හලක වෙඩි තැබීමක්. 11 දෙනෙකු මරුට

(UTV| කොළඹ) – බ්‍රසීලයේ , උතුරු පාරා ප්‍රාන්තයේ අවන්හලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ආයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයින් 7 දෙනෙකු ආපනශාලාව වෙත කඩා වැදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් කාන්තාවන් 6 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති අතර, තුවාලලැබූ තවත් පිරිසක් පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගතකර තිබෙනවා.

වෙඩි තැබීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top