දේශීය

බස්නාහිරින් පිටවීමට ගිය 103 කට කොවිඩ්

(UTV | කොළඹ) – දෙසැම්බර් 21 වනදා සිට මේ දක්වා බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් 103 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11ක දී එම පරීක්ෂණ සිදුකර ඇති බවය.

ඒ අනුව පුද්ගලයින් 10,926 දෙනෙකුගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හෝ PCR පරීක්ෂණ සිදුකර ඉහළ ආසාදිතයින් පිරිස හඳුනාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top