ප්‍රමුඛ පුවත 1

පසුගිය වසර හතරක කාලය තුළ වංචාව, දූෂණය, නාස්තිය නැති කිරිමට නොහැකි වුවා – ජනපති

(UTV| කොළඹ) – පසුගිය වසර හතරක කාලය තුළ වංචාව, දූෂණය, නාස්තිය නැති කිරිමට මීට වසර 04 කට පෙර පත්වූ රජයට නොහැකි වූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලග්ගල නව නගරය විවෘත කිරිමේ අවස්ථාව එක්වෙමින් සඳහන් කළේය.

ජනාධිපතිවරයා කළ කථාව..

“මාව පත්කරගෙන වසර 04 ක් සම්පූර්ණ වෙනවා. තවත් වසරක් ලබනවා. මේ අවුරුදු හතරේදී ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා. නිදහස ශක්තිමත් වුණා. නිදහස් මාධ්‍යක්, ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කළා. ගෙවිගිය සිවුවසරක කාලය නව රජයක් බලයට පත්විමෙන් මිට වසර 4කට පෙර රටේ ජනතාව බලාපොරොත්තු වූ අරමුණු ඉටු කර ගැනීමට අප කටයුතු කළා. එහි ප්‍රථිඵල තිබෙනවා. සාර්ථකභාවයන් වගේ අසාර්ථක භාවයන් තිබෙනවා.

ලැබූ ජයග්‍රහණ ගැන කතාකරනවා වගේම. ලබාඇති පරාජයන් පරාජ කර ඒවායෙන් ජයග්‍රහණය කරන්න ඉදිරි කාලය තුළ මම තමුන්නාන්සේලා වෙනුවෙන් කැපවෙනවා.

ලැබූ ජය ගැන කතා කරන්නේ නෑ. ලැබූ පරාජයන් මොනවද යහපාලනය මූලික සංකල්පය වන වංචාව,දූෂණය හොරකම නාස්තිය පරාජය කිරිමට අපි පරාජය වෙලා තියෙනවා. මම එයයි කිව්වේ පරාජය වූ දේ ජය ගන්න අපි සියල්ලම අධිෂ්ඨානශීලි ලෙස එක්වෙමු.

මේ රටේ අපට තිබෙන බරපතල අභියෝගය දූෂණය, හොරකම, නාස්තියයි. දේශපාලඡඥයින්ගේ සිට පහළට ගලාගිය මේ මහා ජාතික ව්‍යවසනය තරන් කරන්න අපි අත්වැලි බැඳ ගත යුතුයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top