ප්‍රමුඛ පුවත 1

පස්වරුවේ කොළඹ මාර්ග කීපයක රථ වාහන ධාවනයට බාධා එල්ල වන ලකුණු

(උදයම්,කොළඹ)  – අද පස්වරුවේ ගාලු පාර / නුවර පාර / හයිලෙවල් පාර සහ මීගමුව යන මාර්ගවල රථ වාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලිසිය පවසයි.
සරසවි සිසුන් වාහන පෙළපාලි කිහිපයකින් කොළඹ නගරයට පැමිණීමට නියමිතවීම හේතුව දහවල් 12 සිට පස්වරු 3 පමණ දක්වා කාලය
තුල මෙම මාර්ග වල රථ වාහන තදබදයක් ඇතිවිය හැක.
එබැවින් එම කාල සීමාවන්වලදී විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය ජනතාවට දැනුම් දෙයි.
පස්වරු 3 ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාකරුවන් රැස්වීමට නියමිතය.
මේ නිසා කොටුව / ඕල්කට් මාවත / ලෝටස් පාර / මරදාන පාර සහ අලුත්කඩේ ප්‍රදේශවල රථ වාහන තදබදයක් ඇති වීමට වැඩි ඉඩකඩක් තිබේ.
ඒ හේතුවෙන් ජනතාව සහ රියදුරන්  හැකිතාක් විකල්ප මාර්ග භාවිත කර රථ වාහන තදබදය අවම කිරීමට සහය වන ලෙසට ද පොලිසිය ඉල්ලා සිටියි.
Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top