දේශීය

නැගෙනහිර ජැටිය විකිණීමට හෝ බදුදීමට කිසිඳු තීරණයක් ගෙන නැහැ – අගමැති

(UTV| කොළඹ) – කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට හෝ බදුදීමට හෝ ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව කියා සිටියේ තංගල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින්.

මේ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් හෝ පවත්වා නොමැති බවත් , වැඩ වර්ජන කිරීමට කිසිදු කරුණුක් නොමැති බවද තමන් සමග සාකච්ඡා කලේ නම් පැහැදිලි කර දීමට සූදානම් බවද මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

කැබිනට් මණ්ඩලයේ 99 % ක් සිටිනුයේ පර්යන්තය අලෙවි නොකල යුතුය යන මතයේ බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් යහපාලන රජය සමයේ තිබූ සැළසුම් පිළිබදව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද මාධ්‍ය හමුවක් කැඳවමින් කරුණු අනාවරණ කළේය.

පර්යන්තයේ අයිතිය ශ්‍රී ලංකා රජය සතුව තබාගනිමින් මෙහෙයුම් කටයුතු සදහා ඉන්දීය සමාගමක් සමග ඒකාබද්ධ වූ සමාගමක් ස්ථාපිත කිරීම එවකට ප්‍රධාන සැළසුම වී තිබූ බවත් ඔහු අවධාරණය කරයි.

වත්මන් රජය මෙම ගැටලුව අර්බුදයක් කරා ගෙනගොස් ඇතිනම් යහපාලන රජයට එහි වගකීම භාර ගත නොහැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top