ප්‍රමුඛ පුවත 1

නාය යෑම් පූර්ව ලකුණු ගැන අවධානය

(UTV| කොළඹ) – ස්වාභාවික වනාන්තර රැකගැනීම කෙරේ දැඩි අවධානයක් යොමුකළ යුතු අතරම නායයාමේ පූර්ව ලකුණු පිළිබඳ නිරන්තර සෝදිසියෙන් සිටිය යුතු බව  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කෑගල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ දිල්හානි ජයලත් මහත්මිය ප්‍රකාශ කරයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ භූමිප්‍රමාණයෙන් 70% ක්ම නාය යාමේ අනතුරු සහිත බැවින් සියළු ඉඳිකිරීම් කටයුතු කිරීමේ දී වඩාත් සැළකිලිමත් විය යුතු බව ද දිල්හානි ජයලත් මහත්මිය පවසා සිටියි.

එබැවින් ස්වාභාවික වනාන්තර රැකගැනීම කෙරේ දැඩි අවධානයක් යොමුකළ යුතු අතරම නායයාමේ පූර්ව ලකුණු පිළිබඳ නිරන්තර සෝදිසියෙන් සිටිය යුතු බවත් ඇය සඳහන් කළේ, කෑගල්ල දිස්ත්‍රික් ආපදා යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවකදී ය.

ආපදා අවස්ථාවකදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සුවිශේෂි සම්පතක් වන බව සහ ඔවුන් ආපදාවක් පිළිබඳ නිවැරදි තොරතුරු ඉක්මනින් අදාළ මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීමේන් ආපදා තත්ත්වය අවම කරගන්න හැකි බවත් මෙම
වැඩමුළුවේ දේශනයක් පවත්වමින් කාලගුණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පුහුණු හා දැනුවත් කිරීම) අතුල කරුණානායක මහතා සඳහන් තළේය.

මේ අවස්ථාව සඳහා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍ය වේදීන් 50 කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ. කෑගල්ල රංවල සීල්ක් හෝටලයේ පැවති මෙම වැඩමුළුව දිස්ත්‍රික් ආපදා මධ්‍යස්ථානය හා දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය විසින් සංවිධානය කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top