ප්‍රමුඛ පුවත 1

නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කර ඇති ඇතැම් කරුණු වලට එකඟ නෑ – අමැති රිෂාඩ්

(UTV| කොළඹ) – නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කොට ඇති ඇතැම් කරුණු සම්බන්ධයෙන් තම පක්ෂයද එකග නොවන බවට නොවන බවට සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේය.

අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ වව්නියාව නගරසභා සංස්කෘතික ශාලාවේ පැවති උත්සව අවස්ථාවකට සහභාගීවීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමිනි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේ,

‘නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සමස්ථලංකා මහජන කොන්ග්‍රසය වශයෙන් අපේ පක්ෂයේ ඉල්ලීම් මොනවද කියලා අපි දීලා තියනවා ඒ වගේම අනෙකුත් පක්ෂත් ඒ විදිහට ඉල්ලීම් දීල තියනවා නමුත් නව ව්‍යවස්ථාවට ඇතුලත් වී ඇති සියලුම කරුණු වලට අපි එකග නැහැ නමුත් නව ව්‍යවස්ථාව සම්මත වුනු විදහට තමයි සමහර අය කටයුතු කරන්නේ ඒක සම්පූරණම වැරදියි. නව ව්‍යවස්ථාව සම්මත කරගන්නනම් මන්ත්‍රීවරුන් 150 කගේ කැමත්ත තයෙන්න ඕන එක්සත් ජාතික පෙරමුණේ ඉන්න එක පක්ෂයක් විදිහට අපිත් නව ව්‍යවස්ථාවේ ඇතම් කරුණුවලට එකග නැත්තම් කොහොමද මන්ත්‍රීවරුන් 150කගේ සහයෝගය ගන්න පුලුවන් වෙන්නේ ඒ නිසා මමනම් හිතන්නේ මේ වසර තුල ඒ දේ වෙන්නේ නැති වෙයි කියලයි නව ව්‍යවස්ථාව ඉදිරිපත් කරල තියනවා ඒක ක්‍රියාත්මක වෙනවා කියල සමහර අය ඡන්දය ලබා ගැනීමේ වැඩපිළවලක් දියත් කරල තියනවා සමහර අය මේක වාසියට ගන්නවා සමහර අය මේක ආණ්ඩු පක්ෂයට අවාසියක් විදහට ප්‍රචාරය ගෙනි යනවා. ඉදිරියේදී පැවත්වෙන්නේ ජනාධිපතිවරණයක්ද පලාත්සභා මැතිවරණයක්ද පාර්ලිමේන්තු මැතිවරණයක්ද කියල අපි දන්නේ නැහැ නමුත් සමස්තලංකා මහජන කොන්ග්‍රසය වශයෙන් අපි ඕනම මැතිවරණයකට සූදානම් මෙවර අපි ලංකාව පුරාම තරග කරන්නැහැ දිස්ත්‍රීක්ක 11 පමණයි අපි තරග කරන්න තීරණය කරල තියෙන්නේ.”

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top