ප්‍රමුඛ පුවත 1

දේශීය සහ ආනයනික සහල් සඳහා නව පාලන මිල ගණන්

(උදයම්,කොළඹ)  – දේශීය සහ ආනයනික සහල් සඳහා නව පාලන මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ආනයනය කරන ලද නාඩු කිලෝ ග‍්‍රෑම් 1 ක් රුපියල් 72 ක් වේ.
දේශීය නාඩු කිලෝ ග‍්‍රෑම් 1 ක් රුපියල් 80 ක් ද ආනයනික නිවුඩු සහල් කිලෝ ග‍්‍රෑම් 1 ක් රුපියල් 70 ක් දේශීය නිවුඩු සහල් කිලෝ ග‍්‍රෑම් 1ක් රුපියල් 78 කට වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ආනයනික සම්බා සහල් කිලෝ ග‍්‍රෑම් 1 ක් රුපියල් 80 ක් හා දේශීය සම්බා සහල් කිලෝ ග‍්‍රෑම් 1 ක් රුපියල් 90 ක් ලෙස නියම කර තිබේ.
මෙහිදී ආනයනික සහල් සඳහා පැන වූ උපරිම සිල්ලර මිල වෙනස් කර නොමැත.
Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top