දේශීය

දිස්ත්‍රික් 05ක තවත් ප්‍රදේශ 09 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරේ

(UTV | කොළඹ) – දිස්ත්‍රික්ක කිහිපයක තවත් ග්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.   

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ විල්ලෝරාවත්ත ග්‍රාම නිලධාරි කොට්ඨාසය ,

කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ බෝම්ඹුවල ග්‍රාම නිලධාරි කොට්ඨාසය ,

ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් බල ප්‍රදේශයේ ඇල්දෙණිය පල්ලිය පටුමග සහ රණවිරු ධර්මසිරි මාවත යන ග්‍රාම නිලධාරි කොට්ඨාස ,

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ ගඟුල්විටිය ග්‍රාම නිලධාරි කොට්ඨාසය ,

රක්වාන පොලිස් බල ප්‍රදේශයේ පොතුපිටිය උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසය ,

කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාසය ,

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝවුඩ් පොලිස් බල ප්‍රදේශයේ ඉන්ජස්ට්‍රි ග්‍රාම නිලධාරි කොට්ඨාසය ,

හැටන් පොලිස් බල ප්‍රදේශයේ ෆෝර්ඩයස් වත්ත ග්‍රාම නිලධාරි කොට්ඨාසය, මෙලෙස හුදෙකලා කරනු ලැබූ ප්‍රදේශයන් අතර වෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top