ප්‍රමුඛ පුවත 1

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි

(UTV| කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේත් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දිවයිනේ මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලට මිලිමීටර 100 ක පමණ තද වැසි සහ බස්නාහිර පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.

එමෙන්ම මධ්‍යම, සබරගමුව, සහ බස්නාහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක්ද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top